පතන ශ්‍රීපාද විද්‍යාපීඨයේ ගුරු සිසුන් දෙපාර්ශවයක් අතර ඊයේ (25දා) රාත්‍රී ඇති වූ ගැටුමට සම්බන්ධ ගුරු සිසුන් 13 දෙනෙකු දිඹුල පොලීසිය මගින් අද (26දා) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව ඔවුන් හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම සැකකාර ගුරු සිසුන්ට දැඩිව ලෙස අවවාදකර ශරීර ඇප මත මුදාහරිනු ලැබ තිබේ.
ගැටුමෙන් සිසුන් 7 දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කළ අතර එම ගුරු සිසුන් හා තවත් සැකකාර ගුරු සිසුන් 6 දෙනෙක් මෙසේ අධිකරණයට හමුවට ඉදිරිපත් කරනු ලැබීය.