ගීතාගේ මන්ත්‍රී ධුරය ගැන තීන්දුව අද
ද්විත්ව පුරවැසිභාවය ලැබූ ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය සම්බන්ධ නඩුවේ තීන්දුව අද (02දා) දිනයේ ප්‍රකාශයට පත්කරන බව දැනගන්නට තිබේ.
ද්විත්ව පුරවැසිභාවය ලැබූවෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ඉසිලීමේ හැකියාවක් නැතැයි අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කොට ඇති අභියාචනයේ තීන්දුව මෙලෙස ප්‍රකාශයට පත්වන බව වාර්තා වේ.
දකුණු පළාතේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට තිබූ අතර, එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය ද්විත්ව පුරවැසිභාවය ලැබූවෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඉසිලීමේ හැකියාවක් නැතැයි තීන්දු කළේය.
ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ තීන්දුව අභියෝගයට ලක්කරමින් ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


