සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ගීතා කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය ඇති හෙයින් ඇයට ශ්‍රී ලංකාවේ මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බව නීතිපති අභියාචනාධිකරණයට දන්වා තිබේ. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරිය නොහැකි බව නීතිපතිවරයා දන්වා තිබේ.
ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රිධුරය අභියෝගයකට ලක්කරමින් ගාල්ල ප්‍රදේශවාසීන් ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ බව අධිකරණය දැනුම් දුන්නේය. මේ පිළිබඳව වන තීන්දුව මැයි මස 5 දා ප්‍රකාශයට පත්කිරිමට නියමිතය.