මන්ද මානසික රෝගී තරුණියක ලිංගික අපයෝජනයකට ලක්කිරීම සම්බන්ධයෙන් පේරාදෙණිය රෝහලේ ගිලන් රථ සහායකයෙකු ඊයේ (22දා) අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.
සැකකරු දොරගමුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි අයෙකු වන අතර, ඔහුගේ බිරිඳද එම රෝහලේම සේවය කරයි. මන්ද මානසික තරුණියගේ බැංකු ගිණුම් පොත පරීක්ෂා කිරීමේදී එහි තිබූ රුපියල් 10,000 ක් අඩුවී ඇති බව දැනගත් ඇයගේ මව, තම දියණියගෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී සැකකරුට එම මුදල් ලබාදුන් බවත්, සැකකරු, ඇය සමග සම්බන්ධයක් ඇති බවත් අනාවරණය වී තිබිණි.
පසුව අගතියට පත් දියණියගේ මව ඒ පිළිබඳව රෝහල් අධ්යක්ෂවරයාට පැමිණිලි කර ඇති අතර, රෝහල් අධ්යක්ෂවරයා පේරාදෙණි පොලීසියට පැමිණිලි කර තිබේ. දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරීයාට ඉදිරිපත්කර තිබූ අතර, ඇය අපයෝජනයට ලක්ව ඇතැයි එහිදී තහවුරු වී තිබිණි.