ගිලන් රථ රියදුරන්ගේ නිල නාමය ගිලන් රථ නියමු ලෙස නම් කිරීම සඳහා වූ සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. සෞඛ්‍ය කාර්ය සහායක නිල නාමයද වෙනස් කිරීමට කටයුතු යොදා ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය. මේ අතර ඉන්දීය ගිලන් රථ සේවාවේ කාර්යමණ්ඩලය වෙත ඉන්දියාවේදී ලබාදුන් පාඨමාලාව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ගිලන් රථ රියදුරන්ටද ලබාදීම සුදුසු යැයිද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යෝජනා කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියලුම වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැති අතර, එහිදී අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර සිටියේය.