උතුරේ දූපත්වල වෙසෙන සිවිල් වැසියන්ට සේවය සැලසීමේ අරමුණින් නාවික හමුදාව නිෂ්පාදනය කළ ගිලන් යාත්‍රාව තම 100 වැනි ගමන් වාරය පසුගියදා සම්පූර්ණ කළ බව නාවික හමුදාව පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදෙස් මත නිෂ්පාදනයකළ මෙම ගිලන් යාත්‍රාව කඩිනම් ප්‍රතිකාර අවශ්‍යතා ඇති උතුරු ප්‍රදේශයේ දූපත්වල වෙසෙන ජනතාව ඉතා ඉක්මනින් ප්‍රධාන රෝහල් කරා ගෙනයාමට උපකාරී වී ඇත.
අඩි 47.5ක දිගකින් සමන්විත එය මේ වනවිට සිය ගමන් වාරයන් තුළදී රෝගී පුද්ගලයන් 124 දෙනෙකු කඩිනම් ප්‍රතිකාර සඳහා රෝහල් කරා ප්‍රවාහනය කිරීමට දායක වී ඇති අතර වැලිසරනාවික හමුදා වෙරළබඩ මුර යාත්‍රා නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මගින් දේශීය තාක්ෂණය සහ ශ්‍රම දායකත්වයෙන් එයනිෂ්පාදනයකර ඇත.
මෙම යාත්‍රාව මගින් එකවර රෝගීන් 15 දෙනෙකුට ප්‍රවාහන පහසුකම් සලසා දිය හැකි අතර, ගිලන් ඇඳන් තුනකින්, ඔක්සිජන් සිලින්ඩර් දෙකකින්, එන්නත් නික්ෂේපණ ආධාරකවලින් මෙන්ම රුධිර පීඩනය මැනීමේ උපකරණ සහ රෝගී තත්ත්ව නිරීක්ෂණය කිරීමේ උපකරණ පද්ධතියකින්ද මෙම යාත්‍රාව සමන්විත බව නාවික හමුදාව පැවසීය.
මෙය නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් මිලියන 37ක පිරිවැයක් නාවික හමුදාව විසින් දරා ඇති අතර, රළු මුහුදු තත්ත්වයන් යටතේ ගමන් කිරීමේදී වුවද රෝගීන්ට ඇතිවිය හැකි අපහසුතා ඉතා අවම වන පරිදි මෙම යාත්‍රාව විශේෂිතව නිෂ්පාදනය කර ඇත.