අතුරුදන් වී සිටින ප්‍රගීත් එක්නැලිගොඩ මහතා සම්බන්ධයෙන් අධිකරණය විසින් ගිරිතලේ යුද හමුදා කඳවුරෙන් ඉල්ලා තිබෙන ලිපි ලේඛන ලබාදීමට අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා සඳහන් කළේය.
අදාළ ලිපි ලේඛන ලබාදීම සඳහා හමුදා කඳවුරේ කබඩ් කිහිපයකට මුදා තබා තිබෙන බවත් අධිකරණය ඉල්ලා සිටින වාර්තා කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
එහෙත් සමස්ත හමුදා කඳවුරට මුද්‍රා තබා තිබෙන බවට සඳහන්වන ප්රශාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.