ගිරිඋල්ල දිසා රෝහලේ සේවා කටයුතු වලින් එම රෝහලේ වෛද්‍යවරුන් තාවකාලිකව ඉවත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. එම රෝහලට අනියුක්ත වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිල නිවාසවලට ප්‍රහාරයක් එල්ල වීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවද එම සංගමය පැවසීය. රෝහල් කමිටු හා ප්‍රදේශීය දේශපාලනඥයින් අතර පවතින මතභේදයක තත්ත්වයක් හේතුවෙන් මෙම ප්‍රහාරය සිදුවන්නට ඇති බවට සැක පල කරන බවත් අදාළ නිල නිවාසවල ආරක්ෂාව තහවුරු කරන තුරු තාවකාලිකව එම රෝහලට අනියුක්ත කර ඇති වෛද්‍යවරුන් ඉවත් කරගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ කුරුණෑගල දිස්ත්‍රීක් ශාඛාව තීරණය කර තිබෙන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.