යාපනය නෙල්ලියඩි පොලීසිය විසින් පසුගිය 20 වනදා අත්අඩංගුවට ගැනීමට යාමේදී සිරුරට ගිනි තබාගත් වරෙන්තුකරු ඊයේ (23) යාපනය ශික්ෂණ රෝහලේදි මිය ගිය බවට නෙල්ලියඩි පොලීසිය කියා සිටියේය.
යාපනය පේදුරුතුඩුව අධිකරණයේ විභාග වූ නඩුවකට වරෙන්තු කරුවෙකු වූ 34 හැවිරිදි රාසයියා ප්රදීපන් නැමත්තා නෙල්ලියඩි පොලීසිය අත්අඩංගුවට ගැනීමට පැමිණෙන අවස්ථාවේදී සිරුරට ගිනි තබාගෙන සිටියදී පොලීසිය විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය.