මීරිගම පොලිස් ස්ථානයේදී අද (10දා) උදෑසන ගිනි අවියක් පත්තුවීමෙන් පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවෙකු තුවාල ලබා මීරිගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වතුපිටිවල මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.
මෙසේ තුවාල ලබා ඇත්තේ මීරිගම තැපැල් කාර්යාලයේ සේවයේ නියුතු හලුගම තිස්ස මාවතේ පදිංචිකරුවෙකු වන ගාමිණී රාජපක්ෂ (49) නම් තිදරු පියෙකි.
වෙඩි පහරින් තුවාල ලැබූ අය ඊයේ (09දා) රාත්රී ත්රීරෝද රියකින් ගමන්කරමින් සිටියදී යතුරුපැදියක් හා ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ දෙදෙනා තුවාල ලබා ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන සිට ඇත.
මීරිගම එම්.එම්. කාන්ති