ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල 8%කින් වැඩි කිරිමට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තාවෙයි. මේ සම්බන්ධයෙන් වෙන යෝජනාවක් ඊයේ (12දා) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත්ව තිබේ.
එහිදී අවසන් වශයෙන් තීරණය කර ඇත්තේ ගෑස් සිලින්ඩරයක මිල 8%කින් වැඩි විය යුතුය යන්නයි. කෙසේ වෙතත් ඒ පිළිබඳව අවසන් තීරණය පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ගැනීමට නියමිත බව රජයේ ඉහළම අමාත්‍යවරයෙක් සඳහන් කළේය.
යම් හෙයකින් ගෑස් මිල වැඩිවුවහොත් එය ලබන වසරේ සිට ක්‍රියාවට නැංවෙනු ඇති බවත් වාර්තා වෙයි.