හම්බන්තොට බුන්දල තෙලුල්ල ප්රදේශයේ නිවසක නිදා සිටි වයස වුරුදු 13 ක පමණ ගැහැණු ළමයෙකු පැහැරගැනීමට පැමිණි පුද්ගලයෙකු ළමයා කැ ගැසීමෙන් පසු පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වයි .
අදාළ නිවසේ ස්ථිර දොරවල් නැතිබවත් තාවකාලිකව අටවාගත් දොරවල් ඇති බවත් එතුළින් සැකකරු නිවසට පමණ තිබෙන බවත් පරීක්ෂණ වලදී හෙළිව තිබේ.
අද (21දා) අලුයම 01 ට පමණ තමා නිදාසිටින තැන තවත් කෙනෙකු සිටින බවට පවසමින් ගැහැණු ළමයා කෑ ගසා තිබේ. අනතුරුව දෙමා පියන් අවදිව එනවිට අදාළ පුද්ගලයා පැනගොස් තිබේ.
නමුත් ඔහු පැළද සිටි පාවහන් යුගල දමා ගොස් ඇති අතර ඒ ඔස්සේ හම්බන්තොට පොලිසිය පරීක්ෂණ ආරම්භ කරතිබේ