ලොව පුරා ජීවත් වන ගැහැණු දරුවන් මිලියන 120ක්, එනම්, ගැහැණු දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු වයස අවුරුදු 20ට පත්වීමට පෙර දූෂණයට හෝ ලිංගික හිංසනයකට ලක්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළිවෙයි.
එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොව පුරා ජීවත් වන ගැහැණු දරුවන් නිරන්තරයෙන් ලිංගික ප්රචණ්ඩත්වයට හා රැවටීම්වලට ලක්වන බවයි.
රටවල් 190ක දත්ත ඇසුරෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙම වාර්තාව සකසා තිබේ.
එමෙන්ම, ගැහැණු දරුවන් ඉලක්ක වන ප්රචණ්ඩත්වය වයස, භූවිෂමතාව, ආගම, ජනවර්ගය සහ ආදායම් තත්ත්වයන් ආදී සීමාවන්ගෙන් ඔබ්බට සිදුවන බව යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්යක්ෂ ඇන්තනී ලේක් අවධාරණය කරයි.