පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය ඇමති එස්.බී ට පිළිතුරු දෙයි
පොඩි ළමයි සෙල්ලම් කරන ආකාරයෙන් කටයුතු නොකර පේරාදෙණිය කළමනාකරණ පීඨයට අදාළ ගැසට් නිවේදනය සකස් කර අවසන් නම් අත්සන් කර ප්‍රකාශයට පත් කරන ලෙසත්, ඉන්පසු අට්ටාල ගලවා ඉන් බිමට බැසීමට සූදානම් බවත් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අවධාරණය කළේය.එතෙක් දිගටම ශිෂ්‍ය ක්‍රියාමාර්ගවල යෙදෙන බව පැවසූ එම සංගමය, ඊයේ (28දා) දිනයේදී පීඨ 9 හි සියලු සිසුන් සංකේතාත්මක පන්ති වර්ජනයක යෙදුණු බවද ප්‍රකාශ කළේය.
මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ලසන්ත අරුණ ශාන්ත මහතා සඳහන් කළේ, ඒ අනුව ශාස්ත්‍ර පීඨය, විද්‍යාපීඨය, පශූ වෛද්‍ය පීඨය, දන්ත පීඨය, වෛද්‍ය පීඨය, සමසෞඛ්‍ය විද්‍යා පීඨය, කෘෂිකර්ම පීඨය ඇතුළු පීඨ සියල්ලෙහි සිසුන් දේශන සඳහා සහභාගී නොවූ බවයි.