දිවයිනට ඊසාන දෙසින් කි.මී. 1500 ක් පමණ දුරින් මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනයවී ඇතත් එයින් ශ්‍රී ලංකාවට ඍජු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් හෙට (25දා) දිනයේදි බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් යාපනය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, අනෙකුත් ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (24දා) මධ්‍යාහ්න 12.00ට නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.