බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් (‘ROANU’) බවට පත්වී කන්කසන්තුරය ප්‍රදේශයට ආසන්න වශයෙන් කි.මී. 600 ක් උතුරින් පිහිටා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එය තවදුරටත් දිවයිනෙන් ඈතට ගමන් කරමින් පවතීන බවත් , පද්ධතිය දෙසට ඇදී යන සුළං ප්රවාහයේ අභිසාරීබව හේතුවෙන් දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තවදුරටත්, ඉදිරි දින කිහිපයේත් පවතීන බවත් දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ නිරිත දිග කොටසට වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතීන අතර එසේ වුවහොත් සමහර ප්‍රදේශවලට තද වැසි හෝ ඉතා තද වැසි (මි.මී. 100-150) ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.