මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන මාර්ගවල විරෝධතා පාගමන් හා විරෝධතා ව්‍යාපාර පැවැත්වීම නිසා එහි අහිතකර බලපෑම් බස් සේවාවට හා මගීන්ට දැඩිව බලපා තිබෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මේ නිසා බස් මාර්ගවල සිදුකරන විරෝධතා සහ විරෝධතා පා ගමන්වලට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අද (25දා) පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට පැමිණිලි කළ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
විරෝධතාවලින් මාර්ගය අවහිරවීම නිසා බස් හිමියන්ට ගමන්වාර අහිමිවීම හා ඉන්ධන නිරපරාදේ විනාශ වීම නිසා පාඩු සිදුවන බවත්, බස් මගීන්ට බස්රථ තුළ පැය ගණනක් රස්තියාදු වීමට සිදුවීම නිසා මානව හිමිකම් කඩවන බවද පවසා සිටියේය.