කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක දැරියක් ගැබ්ගෙන ඇතැයි පවසමින් ඇය පාසලෙන් ඉවත්කිරීමට අදාළව විශේෂ පොලිස් විමර්ශනයක් පැවැත්වීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කර තිබේ.
මේ වනවිටත් විශේෂ පොලිස් විමර්ශන කණ්ඩායමක් එම ප්‍රදේශය වෙත පිටත් කර හැර ඇති බවත්, ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු කඩිනමින් විමර්ශන කටයුතු අවසන් කරන බවත් අධිකාරිය නිකුත් කළ නිවේදනයක වෙයි.
මෙම සිදුවීම හරහා එම සිසුවිය අධික මානසික පීඩනයට ලක් කර, එමගින් ඇය කෘෘරත්වයට ලක් කර ඇත්දැයි තහවුරු කරගැනීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අවධානය යොමු කර තිබේ.
එමෙන්ම අදාළ දියණියට මනෝ උපදේශන සහනයන් ලබාදීමටද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.