නීතිවිරෝධී මත්පැන් (කසිප්පු) විකුණන ස්ථානයක් වැටලීමට ගිය පොලිස් කණ්ඩායමක් හා එම නිවසේ පදිංචිකරුවන් අතර ඇතිවූ ගැටුමකින් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මෙම තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරින් හය දෙනෙකු තුවාල ලබා තිබේ. එසේම නිවසේ සිටි සිවුදෙනෙකුද රෝහල්ගත කර තිබේ