2012 පෙබරවාරි මස 15 වන දින ඉහල නැංවු භුමිතෙල් මිල පහත දමන ලෙස ඉල්ලා හලාවත නගරයේ දී, ධීවරයින් විසින් පැවැත්වූ විරෝධතාවකදී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මියගිය ධීවරයෙකු වූ වර්ණකුලසූරිය ඇන්ටනි ප්‍රනාන්දු (36) මහතාගේ දෙවර්ෂ පුර්ණය සිහිකරමින් සහ වර්තමානයේ ධීවරයෙන් මුහුණ දෙන ප්‍රධාන ගැටළු රැසකට විසදුම් ඉල්ලා අද (15 දා) ධීවර නියෝජිතයින් 500 කට වැඩි පිරිසක් හලාවත නගරයේ දී විරෝධතාවක නියැලුණි.
ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා ඒකාබද්ධ ධීවර සංවිධාන ක්‍රියාකාරි කමිටුව මෙය සංවිධානය කර තිබුණි. පුත්තලම, මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මීගමුව යන ප්‍රදේශවලින් එම ධීවර නියෝජිතයින් පැමිණ සිටි අතර විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඔවුන් සමග එක් විය.