ගාලුමෝදර මුහුදු තීරයේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් පුද්ගලයෙකු මුහුදු රැල්ලට හසුවී ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
කොල්ලුපිටියේ පදිංචි මොහොමඞ් සාඩ් මොහොමඞ් යන අය මෙසේ අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.
අද (17ද) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර පොලීසිය හා නාවික හමුදා කිමිදුම් කරුවන් සෙවිමේ කටයුතු වල නිරතව සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.