ගාල්ල කරාපිටිය රෝහලේ රෝගී සත්කාරක සේවා නවතා දමා ඇති බවට වාර්තා වේ.රෝහලේ ගොඩගැසී ඇති කුණු නගර සභාවෙන් ඉවත් නොකිරීම මෙයට හේතුවී ඇත.හදිසි ප්‍රතිකාර හා ශල්‍යකර්ම පමණක් සිදුකරන බව රෝහල් බලධාරීන් පවසන අතර දැනට ගොඩගැසී ඇති කුණු ඉවත්කර ඉදිරියේදී ද කුණු ඉවත්කරන බවට ගාල්ල මහ නගර සභාවෙන් තමන්ට ලිඛිත පොරොන්දුවක් දෙනතුරු රෝගී සත්කාර සේවා ආරම්භ නොකිරීමට තීරණය කැර ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.