ග්‍රෑම් 400 සැමන් ටින් එකක මිල රු.109/- ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (23දා) මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පාරිභෝගික ජනතාවට සහන නොදී යම් පිරිසක් කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවද රවී කරුණානායක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.