සංවර්ධන නිලධාරීන්ට පවරා තිබෙනා ග්‍රාම නිලධාරී රාජකාරී ලැයිස්තුව දින 14ක් තුළ නැවත ලබාදීමට කටයුතු නොකළහොත් දැඩි වෘත්තිය ක්‍රියාමාර්ග දියත් කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය සඳහන් කරයි.
අනෙකුත් වෘත්තය සමිති සම්බන්ධ කරගෙන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එම ක්‍රියාමාර්ග සිදුකළහොත් ග්‍රාමනිලධාරී සේවා ඉතිහාසයේ ලංකාවම ඒකාබද්ධ වී සිදුකරන පළමු ක්‍රියාමාර්ගය වන බවත් එම සංගමයේ සභාපති ඩබ්. එම්.පී. බී. වන්නිනායක මහතා සඳහන් කළේය.
ග්‍රාම නිලධාරී සේවාව අයත් ප්‍රධාන රාජකාරි 06ක් සංවර්ධන නිලධාරීන්ට පැවරීම සඳහා මේ වනවිට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බවද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්චාවකදී හෙතෙම සඳහන් කළේය.