රිය අනතුරකට ලක්වූ එළ ගවයෙකු මස්කර අලෙවි කළේ යැයි කියන සිද්ධියකට සැකපිට තිරප්පනේ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තවත් දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ මිතුරන් බව කියන අනෙක් සැකකරුවන් දෙදෙනා කහපත් විලාගම හා ගල්වඩුවාගම පදිංචිකරුවෝ වෙති.
ඉකුත් 05 වැනි දින රාත්රී 07.30 පමණ තිරප්පනේ අනුරාධපුර ප්රධාන මාර්ගයේදී ලොරි රථයකට මෙම එළ ගවයා මියගොස් ඇති අතර, ලොරි රථ රියදුරා විසින් රුපියල් දස දහසක වන්දි මුදලක් ගවයාගේ හිමිකරුට ලබාදී ඇතැයි වාර්තා වේ.
උපුල් හේරත් - අනුරාධපුර