ගවයන් පැටවූ ලොරියක් කොහොලන්වලදී පෙරළෙයි
එරාවුර් ප්රදේශයේ සිට අකුරණ ප්රදේශය දක්වා ගවයන් ප්රවාහනය කළ ලොරි රථයක් නාඋල - කොහොලන්වල යුධ හමුදා කඳවුර ආසන්යේදී පෙරළී ඇතැයි මහවෙල පොලීසිය සඳහන් කර සිටියි.
ඊයේ(31දා) අලුයම පහයි තිහට පමණ අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
සිද්ධියෙන් පසු ප්රදේශයේ විශාල පිරිසක් එම ස්ථානයට රැස්වී සිටි අතර, ඔවුන් කියා සිටියේ ලොරි රථය තුළ ගවයන් 20ක් පමණ මියගොස් ඇති බවයි.
උදෑසන වනවිට ලොරි රථයේ ගමන්ගත් කිසිවෙකුත් එම ස්ථානයේ නොසිටි අතර, ලොරි රථය ඉවත් කිරීම සඳහා පොලීසිය ඇතුළු මහජනතාව දැඩි පරිශ්රමයක් දැරීය.
ලොරි රථය විවෘත කිරීමට නොහැකි වීම හේතුවෙන් ඇතුළත සිටින ගවයන් මිය යෑමේ අවදානමක් පැවති බව එම ස්ථානයේ රැස්ව සිටි පිරිස් සඳහන් කළේය.
මෙලෙස ප්රවාහනය කළ ගවයින් සඳහා බලපත්ර ලබාදී ඇති අතර, ප්රවාහනය සඳහාද බලපත්ර පවතින බව මහවෙල පොලීසියේ නිලධාරියෙකු සඳහන් කළේය.
එහිදී හිංසාකාරී අන්දමින් ප්රමාණය ඉක්මවා ගවයන් ප්රවාහනය කළේද යන්න පිළිබඳව මහවෙල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
නාඋල - ඉන්දික අරුණ කුමාර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

