වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, අම්පාර සහ පොළොන්නරුව යන ප්‍රදේශවල මේ දිනවල බහුල වශයෙන් ගවකුර හා මුඛ රෝගය ව්‍යාප්ත වන බැවින් එම ප්‍රදේශවලින් සතුන් වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනය කිරීම තාවකාලිකව තහනම් බව සත්ව හා සත්ව නිෂ්පාදන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තු අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ.ද සිල්වා මහතා පවසා තිබේ.
එම රෝගය හේතුවෙන් කුකුළු මස් හැරුණු විට එළු මස්, ගව මස් හා ඌරු මස් අලෙවි කිරීමද එම ප්‍රදේශවල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කොට ඇති බව අධ්යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.