භාණ්ඩ කිහිපයක් මත පනවා ඇති ආනයනික සෙස් බද්ද අඩු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය අද (05දා) ලැබිණි. අමු රබර්, ගව මස්, කළුකුම් මස්, බැටළු මස්, පැණිරස එකතු කරන ලද පානයන් සහ බීඩි යන භාණ්ඩ හා ආහාර මත පනවා ඇති ආනයනික සෙස් බද්ද සංශෝධනය කරන බව සංවර්ධන උපයමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
ඒ අනුව අමු රබර් මත පනවා තිබූ සෙස් බද්ද කිලෝග්රෑමයකට රුපියල් 15 සිට කිලෝග්රෑමයකට රුපියල් 04 දක්වා අඩු කිරීමටත් ආනයනික ගව, කළුකුම්, බැටළු යන මස් වර්ග මත පනවා තිබූ ආනයනික සෙස් බද්ද කිලෝග්රෑමයකට 30% හෝ රුපියල් 225 සිට කිලෝග්රෑමයකට 15% හෝ රුපියල් 100 දක්වා අඩු කරන බවද රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.