ගල්කිස්සේ රොහින්ග්යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ල ඉදිරිපිට ඇතිවූ කළහකාරී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ සිවුදෙනෙනකු ඔක්තෝබර් 09දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මේ පිරිස අතර එක් කාන්තාවක්ද සිටින්නීය. එසේම සැකකරුවන් ඔක්තෝබර් 09දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්රාත්වරයා නියෝග කළේය.