ගල්කිස්සේ රොහින්ග්‍යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට පත් පූජ්‍ය අක්මීමන දයාරතන හිමි ඇතුළු අනෙක් සැකකරුවන් හත් දෙනා යළි එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
දයාරතන හිමියන් හෙට (10දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් අනෙකුත් පිරිස එළැඹෙන 16 දා තෙක් රක්ෂිත බන්ධනාගර ගත් කිරීමටත්ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය කටයුතු කර තිබේ. එසේම ඔවුන් 16 දා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමටත් නියමිතය.