ගල්කිස්ස රොහින්ග්යා සරණාගතයින් රඳවා සිටි ගොඩනැගිල්ල ආසන්නයේ කළහකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. මේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර මීතොටමුල්ලේ පදිංචි සුරේෂ් ප්රියසාද් නොහොත් ඩෑන් ප්රයසාද්ද වෙයි.
අනිත් සැකකරුවන් නාවල, එඩේරමුල්ල හා ගණේමුල්ල පදිංචිකරුවෝ වෙති. එසේම ඔවුන් සිව් දෙනාට අමතරව මීට ඉහතදී එක් සැකකරුවෙක් හා සැකකාරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.