මියන්මාර සරණාගතයන් පිරිසක් රඳවා සිටි ගල්කිස්සේ පිහිටි ගොඩනැගිල්ලක් ඉදිරිපිට කලහකාරී ලෙස හැසිරීමේ සිදුවීමට අදාළව පොලීසිය සොයමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 40ක් වූ වාද්දූව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.
සැකකරු වැඩ තහනමකට ලක්ව ඇති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකි. ඔහුට එරෙහිව පානදුර අධිකරණයේ නඩු තුනක්ද පවතින බව පොලීසිය පවසයි.