ගල් අඟුරු ගෙන්වීම් ගැන සොයන්න ත්රීපුද්ගල කමිටුවක්
ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයෝ අද පත් කරති?
ශ්‍රී ලංකාවට අවශ්‍යය ගල් අඟුරු මිලදීගෙන ගෙන්වීමේ දී අක්‍රමිකතාවක් සිදුවී ඇතිද යන්න පිළිබඳ පූර්ණ විමර්ශනයක් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද ට පැවසීය.
මෙම ත්‍රිපුද්ගල කමිටුවට අදාළ ත්‍රිපුද්ගල සාමාජිකයන් තමා විසින් අද (11දා) දිනයේ දී පත්කිරීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙතෙක් ගල් අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියත්, මේවනවිට කතාබහට ලක්වී තිබෙන කාරණා සම්බන්ධයෙනුත් විශේෂයෙන් සොයාබැලීමටත් තීරණය කළා. ඒ නිසායි ඒ සඳහා කමිටුවක් පත්කිරීමට තීරනය කළේ.
ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩර් පටිපාටිය සොයාබැලීමටත් එයින් රටට අලාභයක් සිදුවී ඇතිද යන්න කරුණු පිළිබඳව මෙම කමිටුව හරහා සොයාබැලීමට බලාපොරොත්තු වෙනවා. මෙම කමිටුවට ඉතාම ස්වාධීන දැන උගත් පුද්ගලයෝ තුන්දෙනෙක් පත්කරනවා. ඒවගේම මෙම කමිටුවේ විමර්ශන වාර්තාව ලබාගැනීමටත් බලාපොරොත්තු වෙනවා. පසුව එම වාර්තාව කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත්කර සම්පුර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන්න මම කල්පනා කරනවා* යැයි රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් ප්‍රකාශකළේය.
මේ අතර, ගල් අඟුරු මිලදී ගැනීමකදී රුපියල් බිලියන 1.2 ට ආසන්න මුදලක් රටට අහිමිකළ බව කියමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිදා පෙත්සමක් ගොනුකරනු ලැබිණි.
මේසඳහා වන මූලික අයිතිවාසිකම් නඩුව සිංගප්පූරුවේ සමාගමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෙනුකරන ලද අතර කැබිනට් මණ්ඩලයම මෙහි වගඋත්තරකරුවන් කර තිබිණි.
එම සමාගමේ මෙරට නියෝජිතයෙකු නොසිටීමත් ඔවුන් ඉදිරිපත් කළ පෙත්සම සහතික කර තිබුණේලාංකිකයෙකු නොවීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම නිෂ්ප්‍රභ කළද මෙම සිදුවීමෙන් අධිකරණයේ ‘හෘද සාක්ෂිය කම්පනය‘ වූ නිසා නඩුව විභාග කරන බවක් ප්‍රකාශකළේය. එය අංක SC FR NO. 394/2015 දරණ නඩු තීන්දුවෙහි පැහැදිලිව සඳහන් වේ.
ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 46.62 කට මිලදී ගැනීමට හැකියාව තිබියදී ඩොලර් 54.41 කට මෙට්‍රික් ටොන් 1,064,724 ක් මිලදී ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.
ගල් අඟුරු මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර් පිළිබඳව තීරණ ගනු ලබන්නේ පාර්ලිමේන්තු ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික කමිටුව වන අතර, පාර්ලිමේන්තු ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවෙහි සභාපති ලෙස විදේශ කටයුතු අමාත්‍යාශ ලේකම් ජී.එස්. විතානගේ මහතා කටයුතු කරයි.
එමෙන්ම විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ විදුලිබල මණ්ඩල සාමාන්‍යාධීකාරී එම්.සී වික්‍රමසිංහ මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් මෙහි සාමාජිකයෝලෙස කටයුතු කරති.
ගල්අඟුරු ගෙන්වීම සම්බන්ධ සිදුවීම් සියල්ල පුළුල්ලෙස අධ්‍යනය කිරීමෙන් අනතුරුව එය පූර්ණ ලෙස විදුලිබල මණ්ඩලය යටතට පවරාගැනීමටත් ගල් අඟුරු ගෙන්වීම විදුලිබල මණ්ඩලය යටතේ සිදුකිරීමටත් බොහෝදුරට ඉඩඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා ගල් අඟුරු සමාගම විදුලිබල මණ්ඩලය යටතේම පවතින සමාගමක් වන අතර, එය ගල් අඟුරු මිලදී ගැනීමේදී අතරමැදි කාර්ය සිදුකරනු ලබයි. ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති ලෙස මෛත්‍රී ගුණරත්න මහතා කටයුතු කරන අතර, වසරක් තුළ වැඩිම ගල් අඟුරු ප්‍රමාණය මේවසරේදී ගෙනඒමට හැකිවූ බව ඔහු වරෙක ප්‍රකාශ කළේය.