ගර්භිණීභාවය ආශ්‍රිතව සිදුවන මරණ පසුගිය වසර 25ක කාලය තුළ අඩකින් පමණ පහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත්කළ නවතම වාර්තාවකට අනුව ගර්භිණී සමයේ සිට දරුවා ලැබී මාස 06ක කාලය තුළ කාන්තාවන් ජීවිතක්ෂයට පත්වීම 2015 දී 303,000ක් ලෙස දැක්වෙන අතර, එය 1990 දී 532,000ක් ලෙස සටහන් වී තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් මෙම දත්ත ඉතා ඉහළ සාර්ථකත්වයක් බව අවධරණය කරයි.