පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විදේශ ගතවීම හේතුවෙන් එම තනතුරේ වැඩ බලීම සඳහා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පත්කොට තිබේ.
නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න මහතාගේ පෞද්ගලික ලේකම්වරයා නිවේදයක් නිකුත් කරමින් පැවැසුවේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇති බවයි.