ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අතර වචන හුවමාරුවක් සිදුවීම නිසා අද (06දා) පැවැති පාර්ලිමේන්තු සභාවාරය උණුසුම් ස්වභාවයක් ගත්තේය.
වත්මන් රජයේ දේශපාලඥයන් සහ නිලධාරීන් විසින් ගුවන් හමුදාව සතු ගුවන් යානා සහ හෙලිකොප්ටර් භාවිත කර ඇති ආකාරය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැහැදිලි කිරීමට උත්සහ ගත් අවස්ථාවේ සරත් ෆොන්සේකා මහතා සහ උදය ගම්මන්පිල මහතා අතර මෙම වාග් ප්‍රහාරය ඇතිවිය.
උදය ගම්මන්පිල මහතා කියා සිටියේ සරත් ෆොන්සේකා මහතා සභාවට නුසුදුසු නරක වචන භාවිත කළ බවයි.කථානායක කරු ජයසූරිය මහතා මෙහිදී සඳහන් කළේ පාර්ලිමේන්තුව තුළ නරක වචන භාවිත කිරීම සුදුසු නොවන බවයි.
මේ හේතුවෙන් රුවන් විජයවර්ධන මහතාට පිළිතුරු ඉදිරිපත් කළ නොහැකි විය. පසුව ඒ මහතා කථානායකවරයාගේ අවසරය මත පිළිතුර සභාගත කළේය.