උදය ගම්මන්පිල මහතා ජාතික හෙළ උරුමය දෙකඩ කිරීමේ උත්සාහයක නිරත වෙමින් ඇතැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අද (17දා) පැවසීය.
මෙම මාධ්‍ය හමුවට එම පක්ෂයේ පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් පැමිණි සිටි අතර, එහිදී අදහස් දැක්වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවසුවේ, තම පක්ෂයේ මහජන නියෝජිතයන් ආණ්ඩුවට එක්කර ගැනීමේ උත්සාහයක් උදය ගම්මන්පිල මහතා දිගින් දිගටම නිරත වන බවයි.
ආණ්ඩුව තම පක්ෂයේ නියෝජිතයන් එකතු කරගැනීමේ ඍජු නියෝජිතයා ලෙස උදය ගම්මන්පිල මහතා යොදාගන්නා බවට චෝදනා කළ ඒ මහතා, තනතුරු, වරප්‍රසාද, ප්‍රතිපාදනවලට උදය ගම්මන්පිල මහතා ගොදුරක් වූ බව පවසා සිටියේය.