මෙතෙක් කලක් බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන, සුළු වාරිමාර්ග, කර්මාන්ත, පරිසර කටයුතු සහ සංස්කෘතික කලා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ජාතික හෙළ උරුමයේ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා ඉවත් වීමෙන් හිස් වූ එම අමාත්‍යධුරය ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා යටතට පවරා තිබෙන අතර, අද පෙරවරුවේ ආණ්ඩුකාර අලවි මව්ලානා මහතා ඉදිරියේදී ඒ මහතා අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නේය.
බස්නාහිර ආණ්ඩුකාර කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී මෙම දිවුරුම් දීමේ අවස්ථාව සිදුකෙරුණි.