එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ජාතික හෙළ උරුමයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ කටයුතු කරගෙන යාමට හැකිනම් රුපියල් 100 බැගින් ලබාදෙන්නැයි ඡන්ද දායකයන්ගෙන් අද (30දා) පෙරවරුවේ හෙතෙම ඉල්ලීමක් කළේය.
තමාගේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා කිසිදු ව්‍යාපාරිකයෙකුගෙන් සහයෝගයක් ලබා නොගන්නා බැවින් මෙම තීරණයට එළඹි බව ගම්මන්පිල මහතා කීය.
සම්පත් බැංකුවේ නගර ශාඛාවේ 0001 5013 2916 යන ගිණුමට තමන්ගේ ආධාර මුදල් බැරකරන්නැයි හෙතෙම පැවසීය. යහපාලනයක්, අලුත් දේශපාලන සංස්කෘතියක් සඳහා තමාට සහාය දෙන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.