ගම්මන්පිල මිලියන 500ක වන්දි ඉල්ලයි
තමන්ව ඇප මත මුදා හැරීමේ නියෝගයක් කොටුව මහේස්ත්රාත්වරිය වෙත නිකුත් කරන ලෙස හා තමාට ඇප ලබාදීමට විරුද්ධත්වය දැක්වූ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අය කර දෙන ලෙසට ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් නියෝගය පසුව ලබාදීමට ශේෂ්ඨාධිකරණය අද (29දා) පස්වරුවේ තිරණය කළේය.
ලබන පළමුවැනිදා හෝ ඊට පෙර මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරල ලෙසටද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවියට හා පෙත්සම්කරුගේ නීතිඥවරයාට ශේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම ඊයේ (28දා) හා අද (29දා) අගවිනිසුරු කේ. ශ්රී පවන් හා විනිසුරු උපාලි අබේරත්න මහත්වරුන් හමුවේ කැඳවූ අතර පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ්ද සිල්වා මහතා හා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය එහිදී දිර්ඝ ලෙස කරුණු දැක්වූහ.
	 
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                