ග්‍රාමීය ජනගහනයට වඩා නාගරික ජනගහනය වැඩි වී තිබෙන නිසා ගම්බද විහාරස්ථාන පවත්වාගෙන යාම පිළිබඳ ප්රශ්නය ඇතිවී තිබෙන බවත් ඒ පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
අග්‍රමාත්‍යවරයා මේ බව පැවසුවේ, කොළොන්නාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ මහා විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයකදීය.
ගම්වල ජනතාව රැකියාවල් සොයා නගරවලට පැමිණීම හා විදේශගතවීම නිසා ග්‍රාමීය ප්‍ර‘දේශවල ජනතාව අඩුවී තිබෙන බවත්, විහාරස්ථාන දියුණු කිරීමට රජයේ අවධානය යොමු කිරීමට අමතරව පිරිවෙන් අධ්‍යාපනය දියුණු කිරීමටත් රජය කටයුතු කරමින් සිටින බවත් තමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස 80 දශකයේ කටයුතු කරන විට පිරිවෙන්වලට අධාර උපකාර කිරීමට වැඩ පිළිවෙලක් සකස් කළ බවද වික්‍රමසිංහ මහතා පවසා සිටියේය.
බුදුසසුන ආරක්ෂා කිරීම හා ඊට ප්‍රමුඛත්වය දීම පිළිබඳ ප්‍රශ්න නොමැති බවත් මෙරටේ සියලුම දෙනාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය දෙන වගන්තිය ඉදිරියට ගෙන යාමට එකඟ වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
සියලුම දෙනා අද බුද්ධ ශාසනය තුළ අවසන් ප්‍රතිසංස්කරණ ඇති කිරීමට කතාවෙමින් සිටින බවත් බුද්ධශාසන අමාත්‍යවරයා මේ ගැන සංඝයා වහන්සේලා සමග සාකච්ඡා කරමින් සිටින බවද පවසා සිටියේය.
සංඝයා වහන්සේලාගේ එකඟතාව තිබෙන අවස්ථාවලදී ඒ තිරණ ඉදිරියට ගෙනියන්න රජය කටයුතු කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.