විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය හා අන්තර්ජාල වෙබ් අඩවි කිහිපයක ගම්පොළ ප්‍රදේශයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් වශයෙන් කටයුතු කරන සුරංග රාජනායක මහතාට මැර ප්‍රහාරයක් එල්ලවී තිබේ.
ගම්පොළ මූලික රෝහල් භූමියේදී එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් තමන්ට පහරදුන් බව සුරංග රාජනායක මහතා කියයි. මෙම පහරදීමෙන් තමන්ගේ බෙල්ලට සහ අතට තුවාල සිදුවූ බවත් තමන්ගේ කැමරාව ඇතුළු උපකරණ රැසකට හානි සිදු වූ බව ඔහු වැඩිදුරටත් පැවැසීය.