ගම්පහ දිස්ත්‍රික්කයට ඇති වූ තද සුළංවලින් විපතට පත්වූවන්ට වන්දි අත්තිකාරම් මුදල් ලබාදීමට හා සහන සැලසීමට රුපියල් මිලියන දහතුනාමාරකට අධික
මුදලක් වෙන් කර තිබේ. ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් අදාළ මුදල් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබාදී ඇත.
මේ අනුව පීඩාවට පත් පවුල් 727කට අයත් පුද්ගලයන් 3286කට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 8.28ක මුදලක් හා හානියට පත් නිවාස 527ක් සකස් කිරීම සඳහා වන්දි අත්තිකාරම් ලෙස ලබාදීමට රුපියල් මිලියන 5.3කට ආසන්න මුදලක් ලබාදී තිබේ.
ජනවාරි 10 සහ 12 යන දෙදින තුළ දිවුලපිටිය, අත්තනගල්ල, මීරිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනට ඇති වූ තද සුළං තත්ත්වය හේතුවෙන් මෙම පිරිස් විපතට පත්විය.