ගම්පහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන්ට දිගින් දිගටම එල්ලවන තර්ජන සහ පහරදීම් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ගම්පහ දුම්රිය පොළ ඉදිරිපිටදී අද (04දා) උදෑසන ගම්පහ මාධ්‍යවේදීහු තම කැමරා ආම්පන්න බිම තබා විරෝධතාවය ප්‍රකාශ කළහ.
ගම්පහ ප්‍රසිද්ධ පාසලක සිසුන් විසින් එහි විදුහල්පතිවරයාට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණයක් ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට සිසුන් විසින් පහර දීම සම්බන්ධයෙන් සහ වැලිවේරියේ යුද හමුදාව සහ ගැමියන් අතර පැවති ගැටුම්කාරී තත්ත්වය ආවරණය කිරීමට ගිය ගම්පහ මාධ්‍යවේදීන්ට සිදු වු හිංසාවන්ට විරෝධය පළකරමින් මෙය සංවිධානය කර තිබුණි.