ගබ්සාව නීතිගත කිරිම යෝජනාවක් පමණලු
ගබ්සාව නීතිගත කිරීම ශ්‍රී ලංකා පරාජන්ම සංගමයේ විද්‍යාත්මක සැසිවාරයේ දී යෝජනා වූ කරුණක් පමණක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ගබ්සාව නීතිගත කිරීම සදහා වූ බලපාන කරුණු 02 ක් එම සැසිවාරයේ දී යෝජනා කර ඇත. කාන්තාවන් බලහත්කාරයෙන් දුෂණයට ලක්වීම සහ ළදරු කළලය කිසියම් රෝගයකට ගොදුරුව විකෘති මිනිසෙකු මෙලොවට බිහිවීම එම කරුණු 02 වෙයි.
එම කරුණූ දෙක සැළකිල්ලට ගනිමින් ගබිසාව තීතිගත කළ යුතු බව ශ්‍රී ලංකා පරාජන්ම සංගමය යෝජනා කළ ද එම යෝජනා සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙතෙක් ලැබී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
එම යෝජනා ලැබුණු පසු අමාත්‍ය මණ්ඩලයට යොමු කරන බවත් විකෘති මිනිසෙකු බිහිවීම පාපකර්මයක් බවත්, එම නිසා ජීවිත කාලයම දුක්විදීමට සිදුවන බවද පැවැසීය.
එබැවින් විකෘති ළදරු කළල මුල සිටම හදුනා ගනිමින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු යැයිද අමාත්‍යවරයා පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

