ගන්නෝරුව ප්රදේශයේ නිවසක කුඩා අලි පැටවෙකු සඟවාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය පවසයි.
වනජීවී නිලධාරීන් විසින් ඊයේ (08දා) දිනයේ මහනුවර ප්රදේශය පුරා සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම අලි පැටවා සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියෙන් කළ විමසුමකදී එහි ප්රකාශකයෙකු පවසා සිටියේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවත්, අලි පැටවා සඟවාගෙන සිටි නිවසට පොලිස් ආරක්ෂාව යොදා ඇති බවත්ය.