ගණිතය අසමත් වුවත් කලා, භාෂා හා තාක්ෂණික විෂය යටතේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලිවීම සඳහා වන චක්‍රලේඛය නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ උසස් පෙළ හදාරන කාලයේදී ගණිතය විෂය සමත්විය යුතු බවයි. එසේ නොමැතිවුවත් සාමාන්‍ය පරිදි උසස් පෙළට මුහුණ දී ප්‍රතිඵල ලබාගත හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.
නමුත් විශ්වවිද්‍යාල ප්රවේශයේදී ගණිත විෂය සමත්වී තිබීම අනිවාර්ය බවත්, හෙතෙම වැඩිදුරටත් පැවසීය.