ගණිත, විද්‍යා, තාක්ෂණ යන විෂයයන් සඳහා වන ගුරු පුරප්පාඩු පිරවීමට නොහැකි වුවහොත් පෞද්ගලික අංශ තුළින් ගුරුවරුන් බඳවාගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
අද (27දා) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය‘වේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පාසල් පද්ධතිය තුළ විද්‍යා, ගණිත හා තාක්ෂණ විෂයයන් සඳහා පුරප්පාඩු පවතින අතර, ඉදිරි වසර කිහිපය තුළ එම පුරප්පාඩු සියල්ල සම්පූර්ණ කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.
එම පුරප්පාඩු පිරවීමේ නියමිත සුදුසුකම් අනුව ගත හැකි සියලුම ප්‍රමාණය බඳවාගන්නා බවත්, ඊට පසුවද පුරප්පාඩු පැවතියහොත් පෞද්ගලික විශ්වවිද්‍යාල තුළ උපාධිය ලබාගත් පුද්ගලයන් බඳවාගැනීම කෙරෙහිද අවධානය යොමු කරන බවත් අමාත්‍යවරයා කීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තුළ ලියාපදිංචි පෞද්ගලික විශ්වවිද්‍යාලයන්හි උපාධිධාරීන් පමණක් එසේ බඳවාගැනීමට කටයුතු කරන අතර, ඒ පිළිබඳ විශේෂයෙන්ම සලකා බලන බවද අමාත්‍යවරයා කීය.
එමෙන්ම මේ වනවිට පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් 60,000 ක හිඟයක් පවතින අතර, ගුරුවරුන් 40,000 ක අතිරික්තයක් පවතින බවද පැවසූ අමාත්‍යවරයා, සැබෑ ගුරු හිඟය 20,000 ක් පමණ වන බවද කීය.
කෙසේ වෙතත් ඉතා ඉක්මනින් සියලු විෂයයන් සඳහා වන ගුරු හිඟය අවසන් කිරීමට තමා කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.