මරදාන, සංඝරාජ මාවත ප්රදේශයේදී නවාතැන් පොළක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙය ගිය ස්ථානයක් ඊයේ (13දා) වැටලීමෙන් පුද්ගලයන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
ගණිකා නිවාසය කළමනාකරණය කිරීම හා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එක් සැකකරුවෙකුද, ඊට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකුද, ගණිකා වෘත්තියේ යෙදීම සඳහා එහි රැඳී සිටි සැකකාරියන් 05 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකරුවන් හා සැකකාරියන් මරදාන, පස්සර, නුවරඑළිය, මෙනරාගල, අම්බලන්ගොඩ යන ප්රදේශවල පදිංචිකරුවන් හා පදිංචිකාරියන් වන අතර, ඔවුන් අද (14දා) මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.