ගංජා ළග තබාගෙන සිටියදී අක්මීමන පොලීසිය විසින් ගොනාමුල්ල බුස්සහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මවක් සහ ඇගේ දියණියන් දෙදෙනා හෙට (06දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද දියණියන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 38 යන වයස්වල පසුවන අතර මවගේ වයස අවුරුදු 68 කි.
පොලීසිය ලැබුණු තොරතුරකට අනුව ඔවුන්ගේ නිවස පරීක්ෂාවකට ලක් කරන ලදී. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු මවට එරෙහිව ගංජා ජාවාරම සම්බන්ධයෙන් මීට පෙරද චෝදනා එල්ල වී ඇති බව පොලිසිය කියයි.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල් / ජිනේෂ් නානායක්කාර